කොළඹ රාමඩා හෝටලයේ ගෑස් පිපිරීමකින් එක් අයෙකුගේ පාදවලට පිළිස්සුම් තුවාල සිදුව ඇති බව වාර්තා විය.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති කියා සිටියේ මෙම පිපිරීමට හේතුව ප්‍රධාන කුස්සියේ ගෑස් කාන්දුවක් බවසොයා ගෙන ඇති බවයි.
සඳුදා (03) අලුයම මෙම සිදුවීම සිදුව ඇති අතර මාධ්‍ය වෙත වාර්තා වූයේ අද (5) යි.
සූපවේදියකු තේ කෝප්පයක් සාදා ගැනීමට ප්‍රධාන කුස්සියට ගොස් ඇති අවස්ථාවේ මෙම පිපිරුම සිදුව ඇත.
මෙම කුස්සිය විශාල දාහක සහ උපකරණ සහිත විශාල පරිමාණයේ එකක් වූ අතර දාහකය පත්තු කළ විට හදිසියේම දැල්ලක් ඇති විය. එය පිපිරීමකට වඩා විශාල ගින්නක් වී ඇති බව කියැවේ.
මේ හේතුවෙන් සූපවේදියාගේ පාදවල පිළිස්සුම් තුවාල ඇති නමුත් ඔහුව රෝහලට ගෙන ගොස් පැය 24කින් රෝහලෙන් පිටව යාමට හැකිවූ බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
මුලික පරීක්ෂණ වලදී කුස්සියේ ජනේලයක් හෝ විවෘතව නොතිබීම නිසා වායු සංසරණයක් නොමැතිවීම පිපිරුමට උදව් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
“වාතාශ්‍රය සහ ජනෙල් තිබුණේ නැහැ. ගෑස් කාන්දුවක් ඇති වූ විට, ගිනි දැල්ලක් පත්තු වූ විට, හදිසි දැල්වීමක් ඇති වෙනවා. නිවෙස්වල පවා මුළුතැන්ගෙයි ප්‍රදේශය හොඳින් වාතාශ්‍රය ලැබිය යුතුයි,” ඔහුකීය.
Comments
Post a Comment
Your comment will be visible after approval