අද උදෑසන යතුරුපැදි අනතුරක් හේතුවෙන් මහරගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබෙයි.
මහරගම පොලිස් ස්ථානයෙන් පිටත්ව ගොස් පන්නිපිටිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් අසල රථ වාහන රාජකාරියේ යෙදී එය නිමවා නැවත පැමිණෙන අතරතුර මහරගම දඹහේන මාර්ගයේ දීයි මෙම අනතුර සිදුව ඇත.
අනතුරට ලක් වූ පොලිස් නිලධාරියා පැද වූ යතුරු පැදිය පාලනයෙන් ගිලිහී අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙයි.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ, වයස අවුරුදු විසි හතරක් වන පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචි එස්.එම් සංජීව නමැති පොලිස් කොස්තාපල්වරයෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval