The-first-Muslim-judge-in-a-US-federal-court

ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් අධිකරණයේ විනිසුරු ධුරය සදහා ප්‍රථම වරට මුස්ලිම් - ඇමෙරිකානු සම්භවයක් සහිත කාන්තාවක පත් කිරීමට ජනපති ජෝ බයිඩන් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව එරට සිවිල් අයිතිවාසිකම් පිළිබද නීතිඥවරියක වන නුස්රත් ජහාන් චෞද්රි මෙලෙස නව විනිසුරුවරියක ලෙස පත් කිරීම සදහා ජනපතිවරයා සිදුකළ යෝජනාව එරට සෙනෙට් මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ධවල මන්දිරය,

"ජනපතිවරයාගේ මේ නිර්දේශ කිරීම පළමු බංග්ලාදේශ-ඇමෙරිකානු, ඒ වගේම පළමු මුස්ලිම්-ඇමෙරිකානු කාන්තාව බවට පත්වෙනවා. ඊට අමතරව ඇය ෆෙඩරල් විනිසුරු ධුරයට පත්වන දෙවැනි මුස්ලිම්-ඇමෙරිකානු කාන්තාවයි.” යනුවෙන් පවසා තිබේ. චෞද්රි  අද වනවිට එරට American Civil Liberties Union හි ඉල්නොයිස් ප්‍රාන්ත කොටස් නීති අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරයි.

ඊට පෙරාතුව ඇය එම සංවිධානයේ විවිධ තනතුරු දැරූ අතර, එහිදී නිව්යෝක් නගර සඳහා වන American Civil Liberties Union හි අධිකරණ වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියද වූවාය.

සිය සේවා කාලය තුළදී විවිධ මානව හිමිකම් පිළිබද නඩු විභාග කිහිපයකටද දායක වී ඇතැයි සඳහන් වෙයි. නිව්යෝක් පොලීසිය විසින් එහි වෙසෙන මුස්ලිම් ජාතිකයන් ආවේක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර තිබූ නීතියටද අභියෝග කරමින් ඇය අදහස් දක්වා තිබේ.