anura-kumara-tissa-jananayake

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක තමා සරසවි අධයාපනය ලබන කාලයේ එකම හොස්ටල් එකේ එකම කාමරයේ නැවතී සිටි ගජයා බව ප්‍රකට දේශක තිස්ස ජනනායක හෙළි කර තිබේ.
අරවින්ද දිසානායක ලෙස එකල ඔහුව ඇමතූ බව කියන තිස්ස ජනනායක

ඔහු තම කාමරයේ සිටියත් දවල්ට නිදාගෙන රෑට එලියට ගිය බව දන්වා සිටියේය. දිගටම දේශපාලන වැඩ කරමින් සිටි අයෙකු වූ ඔහු කිසි දිනෙක දේශන සඳහා සහභාගී නොවූ සරසවි සිසුවෙකු බව හෙළි  කළේය.
නමුත් භෞතීය විද්‍යා උපාධියක් ඔහු ලබා ඇති බවත් ශූද්ධ ගණිතය,ව්‍යවහාර ගණිතය හා සංඛ්‍යාන විද්‍යාව විෂයන් වූ බවත් හෙළි කළේය. ඔහු විභාග වලට ලිව්වේ අන් අයගේ නෝට් ෆොටෝ කොපි ගසා පාඩම් කරගෙන බවත් කියා සිටියේය.
ඒ කාලේ තමාව මෙන්ම ඔහුව කිසිවෙකු දන්නේ නැති බවත් ජීවිතයේ පසුකාලීනව ප්‍රකට චරිත බවට ඔවුන් පත්වන හැටි පුදුම බවත් තිස්ස ජනනායක හෙළි කළේය.
ඔහුගේ කතාවේ වීඩියෝ කොටස පහතින්