police-investigation-yasasiripura-murder

අනුරාධපුර  යසසිරිපුර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි යුවළකට ඊයේ 25 පාන්දර කිසියම් පුද්ගලයෙකු පැමිණ පිහියකින් ප්‍රහාරයක් දියත්කර තිබේ.


මෙම පහරදීම නිසා නිවසේ පදිංචිව සිටි කාත්තාවක ජිවිතක්ෂයට පත්ව ඇගේ සැමියා බරපතළ තුවාල ලබා රෝහල් ගත්කරන්නට සිදුවිය.

ඥාති දියණියක් ඊයේ 25 වැනිදා උදෑසන එම යුවළගේ සුවදුක් විමසා බැලීමට පැමිණි අවස්ථාවේදී, නිවස දෙසින් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් නිවසේ ජනේලයක් විවෘත කර ඇතුළු වීමේදී බරපතළ කැපුම් තුවාල සහිත එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව වැටී සිටියදී  හමුවී ඇති බවත් සැමියා බරපතළ තුවාල ලබා සිටි බවත් පොලිසිය අනාවරණය කර  ගෙන තිබුණි. මෙම යුවළ නිවෙසේ තනිව ජීවත්ව සිටි බවත්, එකම දරුවා විදේශ රටක රැකියාවක නිරතව සිටින බවත් පොලිසිය පවසයි.


 කුමන හේතුවක් මත කවුරුන් විසින් ඝාතනය සිදු කළේදැයි යන්න තවම අනාවරණය කරගෙන නැතැයි පොලිසිය දන්වා ඇත.
තුවාල ලද සැමියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බවද පැවසේ.
මියගොස් ඇත්තේ ෙඑම්. අමීර් සකීරා නමැති 66 හැවිරිදි කාන්තාවක වන අතර සැමියා 76 හැවිරිදි නූර් මොහොමඩ් තවුෆිය.