කරන්දෙණිය පිහිඹිය කන්ද ප්‍රදේශයේ ඉඩමක කුරුඳු වගා බිමක කොස් ගසක ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබූ යුවළකගේ සිරුරු හමුවී තිබේ.
පොලිසිය එම ස්ථානයට පැමිණෙන අවස්ථාවේ තරුණියගේ දේහය කොස් ගසේ එල්ලෙමින් තිබී ඇති අතර තරුණයාගේ මළ සිරුර එල්ලී තිබී පසුව එම ස්ථානයේ බිම වැටී තිබී ඇත.අවුරුදු 16ක් වන පාසල් ශිෂ්‍යාවක් හා අවුරුදු 20ක් වන පාසල් යාම අවසන් කර සිටි තරුණයෙකු බව වාර්තා විය.
වැඩිදුර විමර්ශනයේදී දෙදෙනාම පිහිඹිය කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් දෙන්නා අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇතිවා සේම තරුණිය එම තරුණයාගෙන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් දෙමාපියන් පැවරූ නඩුවක් ද විභාග වෙමින් පැවති බව පොලිසිය සඳහන් කර තිබේ.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහ ඇල්පිටිය මූලික රෝහලට යොමුකර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval