peradeniya-university

රටේ පවතින කෝවිඩ් වර්ධන තත්වයට සමගාමීව විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64දෙනෙකු විශ්වවිද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. උපකුලපතිවරය මේ බව පැවසුවේ,



පෙරේදා (26දා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපකුලපතිවරයා, "විශ්වවිද්‍යාලය 100%ක් විවෘත කිරීම අපහසුයි. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේද අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රදවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතුවල යෙදෙනවා.

පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිසුන් දැනට මාස 03 - 04ක් තිස්සේ සාමාන්‍ය ආකාරයෙන් අධ්‍යයන කටයුතුවල නිරත වෙනවා. සමහර සිසුන් කණ්ඩායම් මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතුවල යෙදෙනවා. රෝගය සිසුන් අතර සම්ප්‍රේෂණය වීම වැළැක්වීමට අපගේ වෛද්‍ය පීඨයේ ක්ෂුජීවී විද්‍යා පිළිබඳ විශේෂඥයන් එකතුව කමිටුවක් සකසා තිබෙනවා.

ඔවුන් අපට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙනවා.ක්‍රීඩා පිටි. ක්‍රීඩාගාර, පිහිනුම් තටාක පවා එම කටුවී මාර්ගගෝපදේශයන්ට අනුව විවෘත කොට තිබෙනවා.” යැයිද පවසා සිටියේය.


( ෂේන්  සෙනෙවිරත්න )