Ad Code

රට වහල බැහැ


කොවිඩ්  පැතිරීම වැඩිවීම නිසා  රට වසා දමන්නැයි  විවිධ අංශවලින් හා පුද්ගලයන්ගෙන් රජයට සහ  සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත්වී ඇත.

එම ඉල්ලීම කර ඇති  අංශ අතර ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිතිද වෙයි.




මේ සම්බන්ධයෙන් අප නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ රට වසා දමන්නැයි එවැනි ඉල්ලීම් ගණනාවක් ලැබී  ඇතත් රට වසා දැමීමට මේ මොහොතේදී කිසිම තීරණයක් ගෙන නැති බවයි.

රට වසා දැමීම මේ ප්‍රශ්නයට විසඳුම නොවන බවත් රට විවෘත කර තියෙද්දීම කොවිඩ්  පාලනය කිරීම රජයේ අරමුණ බවත් ඔහු සඳහන් කළේය.

කොවිඩ්  පැතිරීම බෙහෙවින් වැඩිවී ඇතත්  එම  රෝගීන්ට සංකූලතා මතුවීම ඉතාම අඩු මට්ටමක පැවතීම සැනසිල්ලට කාරණයක් බව සඳහන් කළ විශේෂඥ වෛද්‍යවරයා කොවිඩ්  රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට මෙනිසා හැකිවී ඇතැයිද සඳහන් කළේය.

කොවිඩ්  පැතිරීම වේගවත් වී ඇති හෙයින් පරිස්සම්  වන්නැයි  සියලුම ජනතාවගෙන් තමා ඉල්ලීමක් කරන බවද ඔහු පැවසුවේය.

Sujath Hewajulige

𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com
Print Article



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Loading posts...


ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ



Comments

Close Menu
//]]>