flying-car

මහාමාර්ගයේ ධාවනය වන රථයක් මෙන්ම, ගුවනේ පියාසරන ගුවන්යානයක් යනාදී ලෙස ක්‍රම දෙකක් යටතේ භාවිත කළ හැකි ආකාරයට දෙමුහුන් නිර්මාණය කර ඇති නව නිෂ්පාදනය වෙත ස්ලෝවැකියානු ප්‍රවාහන අධිකාරියේ අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වෙයි. මෙම නව නිර්මාණය AirCar නමින් හැදින්වී තිබේ. Klein Vision සමාගම එහි නිර්මාණකරුවාය. විශේෂයෙන්ම අනාගත ලෝකයේ මාර්ග තදබදය අවම කරමින් ගමන් කිරීමේ පහසුව වෙනුවෙන් මෙය ඉදිරිපත් කර තිබේ. මෙහිදී එය බලගැන්වීම ලීටර් 1.6ක BMW එන්ජිමක් මගින් සිදුවෙයි. ඕනෑම ඉන්ධන හලකින් අලෙවි කරන ඉන්ධන මගින් මෙම AirCar රථය ධාවනය කළ හැකිවීම විශේෂත්වයකි.

මේ දක්වා එම AirCar රථය මගින් සිදුකර ඇති පැය 70කට අධික පියාසැරී අත්හදා බැලීම් මෙන්ම, ගොඩබෑම් සහ දියත් කිරීම් 200කට අධික සංඛ්‍යාවක් සමග ලෝවැකියානු ප්‍රවාහන අධිකාරිය මෙම අනුමැතිය ලබා දී තිබේ. මෙම තත්වයන් යුරෝපියානු සිවිල් ගුවන් සේවා ආරක්ෂක ආයතනයේ අවශ්‍යතාවන් පූර්ණය කිරීමක් ලෙසින්ද සැලකෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම AirCar හි සම නිර්මාතෘවරයෙකු වන ඇන්ටන් සජාක්, මෙම රථයට උපරීමව ගොඩබිම සිට අඩි 18,000ක් පමණ ඉහළට පියාසැරිය හැකි බව පවසයි. එසේම එය මෝටර් රථයක සිට ගුවන්යානයක් බවට පත්වීමට ගත වන්නේ විනාඩි 2ක් සහ තත්පර 15ක කාලයක් පමණක් වන බවත්

ඔහු පෙන්වා දෙයි. එසේම මාර්ගයේ ධාවනයේදී මෙහි ඇති පියාපත් සහ පිටුපස කොටස ස්වයංක්‍රීයට හැකිවීම සිදුවෙයි.කෙසේ වෙතත් මෙම දෙමුහුන් මෝටර් රථය ධාවනය කිරීම සඳභා ගුවන් නියමු බලපත්‍රය ලබාගෙන තිබීම අනිවාර්ය වී තිබේ. තවත් මාස 12ක කාලයකදී මෙම AirCar රථය වෙළඳ පොළ වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවතද Klein Vision සමාගම සඳහන් කරයි.