ඔහු 2017 දී සිරකරුවකුට පැනයාමට උදව් කළේය යනුවෙන් චෝදනාවක් තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් සිදුවෙමින් පැවතිණි.
ඒ නිසා වාද්දුව, දළදාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ මෙම තරුණයා ඊයේ 14 වනදා පානදුර ශ්‍රීමත් ජයසිංහ පාෙර් පිහිටි පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණ තිබිණි.
පරික්ෂණ කටයුතු නිමාවෙන් අනතුරුව කොස්තාපල්වරයා ඇවිදගිය නමුත් කාර්යාලයේ දිසා බඩු ගබඩාව ආසන්නයේදී එක්වරම ඇද වැටී ඇත.
පසුව පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති නමුත් එහිදී මියගොස් තිබිණි.
කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ ඔහුගේ හදිසි මරණය රෝහලට ප්‍රහේලිකාවක් වී ඇති අතර කොරෝනා රෝගයව වැළඳී තිබීදැයි සැක මතුව ඇත. පීසීආර් පරික්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමට නියමිතය.
ඔහුගේ මෘත දේහය පානදුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මීට දින දෙකකට පෙර 13 වනදා පානදුර උතුර ප්‍රදේශයෙන්ද මෙවැනි තරුණ මරණයක් වාර්තාවූ අතර එහිදී සිය කාර්යාල මිතුරියකගේ මංගල සාදයකදී නටමින් සිටියදී හදිසියේ ඇද වැටුණ 24 හැවිරිදි තරුණයෙකු මියගියේය. එම තරුණයා සම්බන්ධයෙන්ද පීසීආර් පරීක්ෂණයක් සිදු කරන්නට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval