panadura-24-boy-death

පෙරේදා 13 මංගල උත්සවයකට සහභාගී වී නටමින් සිටි 24 හැවිරිදි තරුණයෙකු එක්වරම බිම ඇද වැටී පසුව රෝහලේදී අනපේක්ෂිත ලෙස මරණයට පත්වීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට පානදුර රෝහල කටයුතු කර තිබේ.


වාද්දුව, පොතුපිටිය, තිස් එකේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුසෙව් හේවගේ නිශාන් ලක්ෂාන් ජයරත්න නැමැතිතරුණයකු  මෙලෙස මියගිය අතර ඔහු රෝහලට ඇතුළත් කළ පසු දැඩිසත්කාර සඳහා යොමු කළත් ජීවිතය බේරාගන්නට බැරි විය.
ඔහුව රෝහලට යොමු කළ අවස්ථාවේ රොහල් වෛද්‍යවරුන්ට එරෙහිව මිතුරන් කලහ කළ සිදුවිමක්ද වාර්තාවිය


පානදුර, ගොරකාන  ප්‍රදේශයේ හෝටලයක පැවතී සිය සේවා ස්ථානයේ මිතුරියකගේ විවාහ මංගල  උත්සවයකදී මෙසේ ඇද වැටුණ නිශාන්ට කිසිදු නිදන්ගත රෝගයක් නොපැවති අතර ඔහුගේ මරණය ගැන වෛද්‍යවරුන් මතකිහිපයක්ම දරන බවද හෙලිව ඇත.
පිරිසක් සැකකරන්නේ ඔහුට කොරෝනා වැළඳී තිබූ බවකි. කෙසේ වෙතත් එය තවම තහවුරු කර නැත.
පීසීආර් පරීක්ෂණයකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බැව්  රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.