nayana-gayathri-friendship

ටෙලි නාට්‍ය නිළි ගයාත්‍රී ඩයස් සහ නයනා කුමාරි කාලයක් ඉතා සමීප මිතුරියන් වී සිටි බව ප්‍රකට කරුණකි. මේ වනවිට ගයාත්‍රී ලංකාව අතහැර කැනඩාවේ පදිංචියට ගොස් තිබෙන පසුබිමක සති අන්ත පුවත්පතකට නයනා කුමාරි සිය  මිතුරිය ගැන මෙසේ කියන්නීය.



ඔබේ මිතුරිය ඔබට නොකියාම විදේශ ගත වුණා කියන කතාව ඇත්තක්ද?

ඔව්. ඇය විදේශ ගත වුණා. ඒක එයාගෙ කැමැත්ත. ඇය විදේශ ගතවන බව මට පැවසුවේ නැහැ. මමත්
ඒ බව දැන ගත්තේ පත්තරවලින්. ඇය යන බව මට කියන්න අවශ්‍ය නැහැ. ඇය ගත් තීරණය ඇයගේ
ජීවිතයට යහපත් දෙයක් නම් එහි ගැටලුවක් නැහැ.

ඒ කියන්නේ මිතුරුකම පළුදු වෙලාද?

එහෙම ලොකුවට මිතුරුකමක් කොහොමත් නැහැ. අපි බොහොම තරුණ කාලයේ අපිට නිදහස තිබුණා එකට එකතු
වෙලා ගමන් බිමන් යන්න, විනෝද වෙන්න. නමුත් අපි දැන් ඉන්නේ මිතුරුකම් පවත්වාගෙන යන්න පුළුවන්
වයසක නොවෙයි. ගයත්‍රි ඇයගේ වැඩ කටයුතුවල නියැළෙනවා, මම මගේ වැඩ කටයුතුවල නියැළෙනවා.
එපමණයි.