hemalatha-story

පුංචි දූදරුවන්ට පිටස්තර මිනිසුන්ට වඩා මව්පිය ඥාති හිතවතුන්ගෙන් සිදුවන දුක් කරදර, වධහිංසා, ලිංගික අපයෝජන, කරදර, හිරිහැර, හිංසන ක්‍රමයෙන් වැඩිවන බවක් පෙනෙන්නට ඇත. විශේෂයෙන් අම්මා, තාත්තා, දෙපොලක වෙසෙන, අනියම් සබඳතා නිසාකැඩි, බිඳී, විසිරී දෙදරා ගියදරු පවුල්වල පුංචි එවුන් විඳින දුක් ගැහැටකම්කටොළු,කරදර, හිරිහැරවල නිමක් මේ කතාවද එවැන්නකි. වාර්තා වූයේ වයඹ පළාතේ කුරුණෑගල දිසාවට අයත් වාරියපොල පොලීසියනි.

‘හේමලතා'සබරගමු පළාතේ රත්නපුර දිසාවේ පදිංචිකාරියකි. ඕ 38 හැවිරිදිය. දරු දෙනකුගේ මවකි. සැමියා සහ දරුවන් සමග ජීවිතය ගැට ගසා ගත්තේ ලොකු උත්සාහයකි.අගහිගකම් වලින් ඕනවටත් වඩා බැට කෑ හේමලතා සිය දරු පවුල සමග රත්නපුරේ සිට වාරියපොලට පැමිණෙන්නේ මීට කාලයකට පෙරය.පොල්වත්ත බලා කියාගැනීම සඳහාය. අදාල පොල්වත්තක් බලාකියා ගැනීම සදහා අදාල කුඩා නිවසක හේමලතා ඇතුලුදරු පවුල ජීවත්වන්නේ ඉතා දුක්බර ලෙසය.

හේමා ගේ සැමියා මත්වතුරට ගිජු වුවෙකි. මේ හේතුව නිසා ඇයට දරුවන් සමඟ ජීවන ගමනගෙන යන්නට සිදු වූයේ බොහෝ අගහිගකම් මධ්‍යයේය.

කාලය මෙසේ ගෙවී යන අතරේ හේමලතා එම ප්‍රදේශයේම පදිංචි ඇයට වඩා වයසින් අවුරුදු තුනක් පමණ ලාබාල පුද්ගලයකු සමග අනියම් සබඳතාවයක් පටන්ගත්තේ සැමියාගෙන් නොලැබෙන ආදරකරුණාව ලබාගැනීමේ අරමුණෙනි. මේ පුද්ගලයා අමිල ය. වයස අවුරුදු 35කි. අමිල හේමා ආදරයටදින සති ගණන් ගතවෙද්දී අමිල ඇයට යෝජනා කරන්නේ සියල්ල අතහැරදමා ඔහු සමග පැමිණෙන ලෙසය. අමිලගේ ආදරයට අවනතව සිටි හේමා ඒ සඳහා සුදානම් වුවාය,තමාදරු පස්දෙනකුගේ මවක බව ඇයට ඒ වනවිට අමතකවී තිබෙන්නටත් ඇත. ඒඇය අමිලට තදින්ම ආදරය කිරීම නිසාය.

අමිල සමග පලායැමට තීරණය කළද ඇය පොල්වත්තේ ළඳුකැලෑ ප්‍රදේශයට යන්නේ දරු දෙදෙනාද සමගය.දරුවත් ළඳු කැළෑවේ සිටියදී හේමලතා සිය අනීයම් පුරුෂයා සමග පලායන්නේ යම් සිදුවන්නේ කුමක්දැයි සිතා ගැනීමට පවා නොහැකීව දරුවන් බලාසිටියදීය.හේමලතා පලායැමෙන් පසු පොල්වත්තේ ළඳු කැලැවේ අතරමංව සිටි දරුදෙදෙනා හඩා වැලපෙමින් පොල්වත්ත පුරා ඇවිදිමින් සිටියේ මව  සොයාගැනීම සඳහාය.මේ ගැන වාරියපොල පොලිසියටලැබුණු තොරතුරකට අනුව එහි යන පොලිස් කණ්ඩායමක් අදාල පොල්වත්තේ ළඳුකැලෑවක හඬමින් සිටී ළමයින් පස්දෙනා සොයාගෙන පොලීසිය භාරයට ගත්තේය. මේ ළමයින් වයස  අවුරුදු 2 සිට අවුරුදු 12 දක්වා අතර පසුවන අය බව නිරීක්ෂණය විය.

පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව අනාවරණය වන්නේ ළමයි පස්දෙනා වේල් දෙකක් පමණ නිරාහාරව සිටිබවකි. ළමයින් පස්දෙනා රෝහල්ගතකොට ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට කටයුතු යොදන තවදුරටත් සිදුකරන ලද විමර්ශනයේදී හෙලිවන්නේ මේ දරුවන්ගේ පියා ඒවන විටත්  මුරමඩුවේ බීමතින් නිදා සිටින බවකි. තම බිරිය  දරුවන් පස්දෙනා පොල්වත්තේ ළඟ කැලේක අතරමංකර අනියම් පුරුෂයකු සමඟ පලාගොස් ඇති බව ඔහු ඒ වනවිටිත් දැන සිටියේ නැත.

පොලීසිය භාරයට ගත් දරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත්කර පරිවාසභාරයට පත්කරන තෙක් රත්නපුර ප්‍රදේශයේ පදිංචි ලොකු අම්මාකෙනෙකුට භාරදී තිබේ.

කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාත්ත ජයවර්ධන,සහකාර පොලිස් අධිකාරී එස්.එන්. සොයිසා   මහත්වරුන්ගේ උපදෙස් අනුව වාරියපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් බන්ඩාර තල්වත්ත.ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා ඉන්දිකා හේරත්,කාන්තා උප පරීක්ෂිකා ආර්.එම්. සුභාෂිණී යන කණ්ඩායම මේ ගැන විමර්ශන ආරම්භ කරන්නේ ඉන් අනතුරුවය.දරු පසදෙනා පොල්වත්තේ අතරමංකර දමා ගිය හේමලතා වැනිම මවක ගැන පසුගියදා වාර්තාවුයේ පිටකොටුව පොලීසියෙනි.

'චයිනාවිදීයේ අතරමං කර දමා ගොස්සිටි. වයස අවුරුදු 09ක පමණ පිරිමි ළමයකු සොයා ගන්නේ පිටකොටුව පොලිසියෙනි.මේ ළමයා අතරමංකර දමාගොතිබුණේ මව විසිනි.දරුවා නැති බව දැන දැනත් මව ඒ ගැන පොලීසියට පැමිණීලි නොකර ගම්පහට ගොස් තිබිණි.දරුවා සමග පිටකොටුව චයිනාවීදියට පැමීණී අවස්ථාවේ දරුවාට පිපාසය ඇතිවීම නිසා ඒ අසල කඩයකට ඇය දරුවා යවා ඇත.දරුවා එහි ගොස් වතුරබී නැවත එලියට එද්දී මව නැති බව දැනගෙන හඩමින් සිටියදී රථවාහන හසුරවමින් සිටි පොලිස් නිලධරයකුමේ දරුවා සොයාගෙන පොලිසියට කැඳවාගෙන පැමිණ පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත සිල්වා දරුවා සමග කතාබහ කරමවගේ ජංගම දුරකතන අංකය ලබාගෙන දරුවා ගැන ඇගෙන් විමසා ඇති අතර ඒ මොහොතේ ඇය සිය ජංගම දුරකතනය අක්‍රියකර ඇත.පොලිස් නිලධාරීන් පිටකොටුව චයිනා වීදිය සහ ඒ අවට ජංගම ශබ්ද විකාශන යන්ත්‍රයකින් මේ දරුවා ගැන මහජනතාව දැනුම්වත් කර දරුවාගේ  භාරකරුවකු සිටීනම් ඉදිරිපත් වන ලෙස දැනුම් දී ඇතත් කිසිවකු ඉදිරිපත් වී නැත.

මේ දරුවා තමන් ගම්පහ ප්‍රදේශයේ පදිංචිබව දැනසිටී නමුත් නිවෙසට යන පාරේ නම හැරෙන්නට වෙනත් තොරතුරු දැන සිටියේ නැත.

පිටකොටුව පොලිස්ථානාධිපතිවරයා දුරකතනයෙන් ගම්පහ පොලිසියේ නිලධරයකු සම්බන්ධකරගෙන දරුවාට යොමුකිරීමෙන් පසු දරුවා කියූ තොරතුරුවලට අනුව එම පොලිස්  නිලධරයා දරුවාගේ නිවෙස හරියටම සොයාගෙන තිබිණි, අදාල නිවෙසට ගිය ගම්පහ පොලිස් නිලධරයා දරුවාගේ මිත්තණියට මේ බව දැනුම් දීමෙන් අනතුරුව පසු දින පිටකොටුව පොලීසියට පැමිණ මව දරුවා භාරගෙන තිබුණාය.

-අමල් රණබාහු-