නාරම්මල පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකු අතින් අත්වැරදීමකින් ඔහු සතු තුවක්කුව පත්තුවී තිබේ.
ඔහු සතු රාජකාරී ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඇත්තේ උදෑසන වැඩ ඇරඹුණ අවස්ථාවකයි.
තුවක්කුව ඉලක්කවී ඇත්තේ එම බැංකුවේම සහෝදර සේවකයෙකුට වන අතර එම නිලධාරී මහතා තුවාල ලබා තිබෙයි.පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මේ හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි.
ඔහුගේ ඔහුගේ තත්ත්වය බරපතළ නො වන බව රෝහල් ආරංචි වාර්තා කර තිබේ.
මේ සිද්ධිය නිසා පෞද්ගලික බැංකුවේ ගනුදෙනු කටයුතු අද දින ටික වේලාවක් නතර විය.
Comments
Post a Comment
Your comment will be visible after approval