නාරාහේන්පිට අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වහන්සේගේ ඡන්ම දිනය නිමිත්තෙන් අද (26) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගිය ජනාධිපතිතුමා නායක හිමියන් බැහැ දැක උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කළේය. ඡන්ම දින සුබපැතුම් පුද කළේය.
මේ අවස්තාවට මන්ත්‍රීනි ඩයනා ගමගේ මෙන්ම ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද පැමිණ සිටියහ.
නාහිමියන්ට ආශිර්වාද පිණිස පැවති දානමය පුණ්‍ය කර්මයටද සහභාගී වූ ජනාධිපතිතුමා මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, අමරපුර ශ්‍රී ධම්මරක්ඛිත නිකායේ මහානායක තිරිකුණාමලේ ආනන්ද, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.
( ඡායාරූප : ජිවන් චන්දිමාල් - ජනාධිපති මාධ්‍ය අංශය )
Comments
Post a Comment
Your comment will be visible after approval