hemantha-herath-speaks

කොරෝනා ආසාදිතයින් වැඩි වුවහොත් එයට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. කෙසේ වුවද බූස්ටර් එන්නත් මාත්‍රාව කඩිනමින් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.



පාසල්වල කොරෝනා ආසාදිතයින් පොකුරු වශයෙන් හමුවීමක් මෙතෙක් සිදුනොවුණ ද රෝගීන් වැඩිවුවහොත් එය කළමනාකරණය සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියි.
‘රෝගීන්ගේ සියයට 50 ක වැඩිවීමක් තවම නැහැ. 800-900 අතර වැඩිවිමක් පමණයි. උත්සව සමය,නිවාඩුව හා ඔමික්‍රොන් පැමිණීම නිසා වැඩිවීමක් තියෙන්න පුළුවන් එය පාසල් මට්ටමින් වාර්තාවීම් තිබිය හැකියි.නමුත් පොකුරක් වශයෙන් වාර්තාවී නැහැ.මහා පරිමාණ වාර්තාවීමක් නැහැ. එසේ වුවහොත් පවා බිය විය යුතු නැහැ. පාලනය කිරීමට අවශ්‍ය සියලු විධිවිධාන සඳහා සෞඛ්‍ය අංශ සීරුවෙන් සිටිනවා.‘