monk-abuse-arrested-anuradapura

අනුරාධපුර දස හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් අපයෝජනයකළ හිමි නමක දුරුතු පොහොය යෙදුණු පෙරේදා (17දා) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලීසිය පවසයි. 


39 හැවිරිදි සැකකාර හිමිනම කැකිරාව ප්‍රදේශයේ පන්සලක වැඩ සිටි අයෙකි.

රුවන්වැලිසෑයේ සිට ථූපාරාමයට ගමන් කරන පෙත්මගේ, මල් වෙළදාමේ නිරත සිය මව සමග සිටි  දැරිය කිරීපැකට් දෙකක් මිලදී ගැනීම සදහා ඒඅසල වෙළඳ සැලකට මව විසින් යවා ඇති බවත්, මුදල් මදිවීම හේතුවෙන් කිරි පැකට්ටුවක් පමණක් මිලදී ගෙන එන අතරවාරයේදී දැරිය පසුපස හිමි නම පැමිණ ඇති බවත්, පසුව සැකකරු තොරතුරු විමසා මවගේ සහ දැරියගේ අතෙහි පිරිත් නූල් ගැට ගසා සෙත්පතා තිබෙන බවද පරික්ෂණවලදී අනාවරණය විය.
දැරිය යළිත් වරක් ඉතිරි මුදලද රැගෙන අනෙක් කිරි පැකට්ටුව රැගෙන ඒමට වෙළදසලට ගිය අවස්ථාවේදි හිමි නමද එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්, දැරිය හඩා වැලපෙමින් තම මව අසලට පැමිණි එම තැනැත්තා තමාට අකටයුත්තක් කිරීමට තැත් කළ අවස්ථාවේදී ඉන් මිදී පැන ආ බව පවසා තිබේ. අනතුරුව මව අසල පිරිස්වලට අමතා සැකකාර හිමි නම ථූපාරාමය දෙසට දිව යන අවස්ථාවේදී අල්ලා ගෙන උඩමළුව පොලීසියට භාර දී ති‍බෙයි.


අනතුරුව, අනුරාධපුර මූලස්ථාන පොලීසියට භාර දීමට කටයුතු කර තිබේ.අගතියට පත් දැරීය වෛද්‍ය පරික්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, සැකකාර හිමි නම අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.