කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
පසුගිය මස මුල කොවිඩ් ආසාදිත දරුවන් 04 ක් පමනක් සිට මෙය 31 දක්වා ඉහළයාම විශේෂිත බවද ඔහු කීය.
ඔමික්‍රෝන් පැතිරීම මෙම වැඩිවීමට හේතුවී ඇතැයි අනුමාන කරන් බවද දරුවන්ගේ ජෛව පටල සාම්පල ජාන අනුක්‍රමණ පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයිද කීය.
මේ අවස්ථාවේදී වයස අවුරුදු 12 ට වැඩි සියලුම දරුවන්ට එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීම වැදගත් බවද දීපාල් පෙරේරා මහතා කීවේය. මේ අතර ජනතාවට සෞඛ්‍ය නීති මේ වනවිට බොහෝ දුරට අමතකව ගොස් ඇති බවත් විශේෂයෙන්ම මංගල උත්සවවලදී මුව ආවරණ නොමැතිව කටයුතු කිරීම් මේ දිනවල සුලබව නිරීක්ෂණය වන බවත් ඔහු පැවසුවේය. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතත් ඩෙංගු රෝගී දරුවන්ගේ සංඛ්‍යාව 50 සිට 35 දක්වා අඩු වී ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval