කථානායක මහින්ද යාපා අබේවර්ධන හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ.
අද (28) දින කළ පීසීආර් පරීක්ෂණයකදී මේ බව තහවුරුවී ඇති බව වාර්තා වේ.
කතානායකවරයා මේ වනවිට අයිඩීඑච් රෝහලට ඇතුළත් කර ඇත.
මහින්ද යාපාගේ වයස 76 ක් වන අතර පස් දරු පියෙකි. කුමාර වෙල්ගමට වයස 71 ක් වන අතර එක්දරු පියෙකි.
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇතිකළ ‘ධම්මික පැණිය‘ මුලින්ම පරීක්ෂා කළ අය අතර කථානායකවරයා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval