දෝහා කටාර්හි අල් වාබ් ප්‍රදේශයේ නේවාසික පරිශ්‍රයක ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකික පුද්ගලයෙකුට ඔහුගේ රාජකාරිය අතරදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියයාමේ සිදුවීමක් වාර්තා විය.
පසුගිය බදාදා (26) මෙම සිදුවීම සිදුව ඇත.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
කටාර් ජාතිකයෙකු වන ඝාතකයා මියගිය ශ්‍රී ලාංකිකයා ආරක්ෂාව සලසමින් සිටි නේවාසික පරිශ්‍රයට තරුණියක සමඟ වාහනයකින් පැමිණ ඇතුළු වීමට උත්සාහ කළ අයෙකි. ඔහු එසේ ඇතුළුවීමට තැත් කිරීමේදී ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීයා හැඳුනුම්පත ඉල්ලා තිබේ.
එය ලබාදීමට නොහැකිවී ඇති අතර මේ නිසා ඔහුව ඇතුළු කරගන්නට බැරි බව දන්වා තිබේ.
ඇසින් දුටු සාක්ෂි කරුවන් ප්‍රකාශ කරන්නේ, එහිදි කෝපවූ පුද්ගලයා ආරක්ෂක නිලධාරීවරයාට වෙඩි තැබූ බවයි. ඔහු එතැනම මියගියේය.
ඝාතකයා පළා ගියව මුත් පසුව පොලිසියට කොටු විය.
දෝහා හි මාධ්‍ය වාර්තාව අනුව ප්‍රහාරයෙන් පසු තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇති අතර සිරගත කර තිබේ.
මියගිය ශ්‍රී ලාංකිකයා සිය ගිවිසුම්ගත කාලය අවසන් වීමෙන් මෙම වසර අග නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි තිදෙරු පියෙකි.
Comments
Post a Comment
Your comment will be visible after approval