financial-crisis

2021 නොවැම්බර් මාසයේදී පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම, 2020 නොවැම්බර් මාසයට සාපේක්‍ෂව 19.7%කින් ඉහළ ගොස් ඇති අතර, පෞද්ගලික භාවිතය සඳහා වන මෝටර් රථ ආනයනය කිරීම සැලකිය යුතු ලෙස අඩුවීම මධ්‍යයේ වුවද, ආහාර සහ ආහාර නොවන පාරීභෝගික භාණ්ඩ ආනයනය වියදම ඉහළ යෑම ඒ සඳහා හේතු වී තිබේ.  ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ,

පාරිභෝගික භාණ්ඩ, අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ යන සියලුම  ප්‍රධාන ආනයන කාණ්ඩවල ආනයන වියදමෙහි කැපී පෙනෙන වැඩිවීමක් දක්නට ලැබෙන බවයි. ඒ අනුව, සමස්තයක් ලෙස 2020 නොවැම්බර්  මාසයේ වාර්තා වූ ඇ.ඩො. මිලියන 1,384 හා සැසඳීමේදී, 2021 නොවැම්බර් මාසයේ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇ.ඩො. මිලියන 1,765ක් දක්වා 27.5%කින් ඉහළ ගොස් ඇත.



බෙහෙත් සහ ඖෂධීය නිෂ්පාදන (ප්‍රධාන වශයෙන් එන්නත්), විදුලි සදේශ උපකරණ ප්‍රධාන වශයෙන් ජංගම දුරකථන), රෙදිපිළි සහ උපාංග (ප්‍රධාන වශයෙන් යට ඇඳුම්) සහ ගෘහ උපකරණ ප්‍රධාන වශයෙන් රූපවාහිනී  සහ ශීතකරණ) ඇතුළු ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ප්‍රධාන කාණ්ඩ කිහිපයක ආනයන වියදම් ඉහළ යම් සිදුව තිබේ.  මූලික වශයෙන්, සීනි සහ ධාන්‍ය වර්ග හා ඇඹරුම් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් සහල් )ආනයන හේතුවෙන් ආහාර සහ පාන වර්ග ආනයන වියදමද 9.1%කින් (වාර්ෂික ලක්‍ෂමය පදනම මත) ඉහළ ගොස් තිබේ.


 ෂමිල පෙරේරා