mahinda-kandy

මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16 ) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
දියවඩන නිළමේ තැන්පත් ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් දළදා මාලිගාවට පැමිණි අග්‍රාමාත්‍යතුමා පිළිගනු ලැබුවේය.අනතුරුව අග්‍රාමාත්‍යතුමා දළදා වහන්සේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ඉදිරියට දරුවන් වඩාගෙන ආ මව්වරුන් මිත්තණියන්ගෙන් අඩුවක්ද නොවීය. අගමැතිවරයා දරුවන්ගේ මුහුණු අත ගා සුරතල් කළේය.
 
දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
 
අනුශාසනා පැවැත්වීමෙන් අනතුරුව නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාට තිළිණයක් ලෙස බුදු පිළිමයක් ප්‍රදානය කළහ.
 
මෙම ආගමික වතාවත් සඳහා අග්‍රාමාත්‍යතුමා සමඟ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, උදයන චාමින්ද කිරිඳිගොඩ, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.