හදිසි අසනීප තත්ත්වයක් ඇතිවීමෙන් ශ්‍රී පාද වන්දනාවේ යමින් සිටියදී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
තම පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී පාද වන්දනාවේ ගිය 75 හැවිරිදි වියේ පසුවන අයෙකු මෙලෙස හදිසියේ අසනීප වී තිබේ.නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහුට අසනීප ගතිය වැඩිවීම නිසා පවුලේ අය විසින් එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට දැනුම් දෙනු ලැබූ බව වාර්තා විය. ඒ අනුව කඩිනමින් පහලට රැගෙන ඒමට කටයුතු යොදා ඇති නමුත් පොලිසිය පවසන්නේ ඔහු රෝහල්ගත කරනවිටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවයි.
මියගිය පුද්ගලයාගේ දේහය හැටන් දික්ඔය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval