maharagama-girl-escape-reason

මහරගම නාවින්න ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට නැවත නිවසට පැමිණි 14 හැවිරිදි  දැරිය හා සම්බන්ධ සංසිද්ධිය පවුල් ආරවුලක ප්‍රතිඵලයක් බව පොලිස් වාර්තා සඳහන් කරයි.
මීට ටික දිනකට පෙර කොටදෙණියාවේ පිරිමි දරුවන් දෙන්නෙකු නිවසේ අය සමග අමනාපවී නිවසින් පළාගිය සංසිද්ධිය මෙන්ම ටික දිනකට පෙර මහරගම නිවසේ අය පෙම්වතාට අකමැතිවීම නිසා නානකාමරයේදී ගිනිතබාගත් දැරියට හා සමාන සිද්ධියක් බව හඳුනාගන්නට ලැබේ.


මෙම සිද්ධියේදී දැරිය නිවසින් පළායන්නට පෙර දිනයේ මව සමග ඇතිවූ බහින්බස්වීමක් ගැන කරුණු විමර්ශනය කරගන්නට මේ ගැන සොයා බැලූ පොලිස් නිලධාරීන්ට හැකිවී ඇත.
අතුරුදහන් වූ දැරිය අතුරුදන් වීමට පෙර දින ඇයගේ මව සමඟ බහින්බස්‌වීමක්‌ ඇති කර ගැනීමෙන් පසු නිවසින් පළා යාමට තීරණය කර තිබෙන අතර, ඇය මෙහෙණි ආරාමයකට ගොස් උදව් ඉල්ලා එහි නැවතී සිටි බව කියැවේ. කෙසේ වෙතත් ඇයගේ ඡායාරූප සහිතව මාධ්‍ය ඔස්සේ අතුරුදන්වීම ප්‍රචාරය වූ පසු ඇය නැවතී සිටි තැන අය උපදෙස් දී ඇත්තේ ඇයට මවට කථාකරන ලෙසයි. ඇගේ මවට කතා කර නැවත වරක් පවුලට එකතු වී ඇතැයි ඒ අනුව පොලිසිය අනාවරණය කරයි.



මහජනතාවගේ සහ මාධ්‍යයේ සහයෝගය නොවන්නට මෙතරම් කෙටි කාලයකින් ඇය සොයාගන්නට අපහුසුවූ බවද පොලිසිය දන්වා ඇත.

“නිවාස තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඇති වූ විට ළමයින් අවදානමට ලක් වෙනවා.මේ නිසා ඔවුන් අවදානම් තීරණ වලටත් එලැඹෙනවා. වයසින් අඩු නිසා ප්‍රතිවිපාක නොදන්නා තීරණ ගන්නවා. වාසනාවකට ඇය ආරාමයකට ගියා.. ඒත් ඇය වෙනත් තැනකට ගියා නම්, ඇයගේ ආරක්ෂාව අනතුරේ. ”පොලිසිය පැවසීය.