theshara-jayasinghe

දිවයින පුරා ගෑස් ආශ්‍රිත පිපිරීම් සිදුවෙද්දී එහි වරද රෙගියුලේටර හා බට වෙත පවරමින් සිලින්ඩර කිසිවක් පිපුරුනේ නැති බවට තර්ක කර සමාගම ආරක්ෂා කරන්නට කටයුතු කළ ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද පැයක පමණ කාලයක් බලය අහිමිවී නැවත බලයට පත්වීම විශේෂ සිදුවීමකි.
ඔහු පෙරවරුවේ එම ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කරනු ලැබ තිබේ.


ඔහුට එරෙහි විවේචන පැනනගිද්දී ජනපති හා මුදල් ඇමතිගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා තෙෂාර ජයසිංහ ලිට්‍රො සමාගමේ හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා තනතුරු වලින් ඉවත් කර ලිපියක් යොමු කළ අතර ඒ ගැන මාධ්‍ය වල වාර්තාද පළ විය.
එසේ සිදුවී පැයකට පසු ඔහු යළි ජනපතිවරයාගේ සිත දිනාගෙන එම ලිපිය ‘රිවරස්‘ කරගන්නට සමත්ව තිබේ.
ජනාධිපති වරයාගේ සහ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව ඔහු නැවත පත්කිරීම ද සිදු වූ බව පසුව වාර්තා විය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරවලපිටියේ පිහිටි ලිට්රෝ සමාගමේ කර්මාන්තශාලාව නිරීක්ෂණය කිරීමට  එහි ගිය අවස්ථාවේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ද පැමිණ සිටි බව වාර්තා විය.


තෙෂාර ජයසිංහ මහතා වෙනුවට රේණුක පෙරේරා මහතා ලිට්‍රො භාරගන්නට සූදානම් වුවද ඔහුට නැවත අපේක්ෂා භංග කරගන්නට සිදුවිය.
වියත්මග සාමාජිකයෙකුවූ තෙෂාර ජයසිංහ මහතාගේ සේවය විශිෂ්ට බවට ඒ අනුව ජනපති විසින් යළි පිළිගැනීමට ලක්කර ඇත.