ආන්දෝලනයක් ඇති කරමින් දින 44ක් අතුරුදන්ව සිට හමු වූ කොටදෙනියාවේ පිරිමි දරුවන් දෙදෙනා මාර්තු 7 වැනිදා දක්වා මාකොළ ළමා නිවාසයේ රඳවා තබන ලෙස මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර ඊයේ (10 වැනිදා) නියෝග කළේය.
වයස අවුරුදු 10ක් සහ 12ක් වයසැති එම දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මාර්තු 7 වැනිදා ඉදිරිපත් කරන ලෙස පරිවාස නිලධාරිනියට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම වාර්තාව ලැබීමෙන් අනතුරුව දරු දෙදෙනා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කරන බවද මහෙස්ත්‍රාත්වරයා පැවසීය.
මෙම දරුවන් හමුවීමෙන් පසුව සිය මෑණියන් භාරයට යාමට අකමැත්ත පළ කර තිබුණි. නිවසේ පරිසරය සම්බන්ධයෙන් පැවති ගැටලුකාරී තත්වය නිසා ඔවුන්ට විසඳුමක් සපයනතුරු ළමා නිවාසයකට යොමු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval