katunayake-poland-tourist-nabbed

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි. ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යෑමට තැත් කළ විදේශිකයෙකු ඊයේ (10දා) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් කොමාන්ඩෝ භටයන්, ගුවන් තොටුපළ ආරක්ෂකයන් හා කටුනායක පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන් තොටුපළ ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවිට සැකකාර විදේශිකයා එයින් මිදී පැන දුවන්නට ගත් උත්සාහයකදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර විදේශිකයා ඊයේ (10දා) අලුයම අබුඩාබි ඔන්සේ ප්‍රංශයේ පැරිස් වෙත යැම සඳහා ගුවන් යානයකට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.



වාර්තා වන පරිදි කටුනායක ගුවන් තොටුපළ පිටවීමේ පර්යන්තය වෙත පිවිසි සැකකාර විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රයද ලබාගැනීමෙන් අනතුරුව,තම ලියකියවිලි නිෂ්කාෂණය. කරගැනීම සඳහා විගමන කවුළුව වෙත පැමිණි තිබූ අතර, එහිදී ඔහු ඉදිරිපත් කළ සීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳ සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එය දේශසීමා ආවේණ ඒකකයේ නිලධාරින් වෙත තාක්ෂණික පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටියදී, එකවරම ඔහු හිඳගෙන සිටි පුටුවෙන් නැගිට පිටත්වීමේ පර්යන්තය ඔන්සේ දිවගොස් ඇති අතර,

 වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යක්තයේ එවකට රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාර්වරයා, මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කඳවුර, ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. සැකකාර විදේශිකයා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මාර්ගයට පැන ගුවන් තොටුපළෙන් පිටතට පලා යාමට සුදානම් වී තිබූ අතර,



ඒ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ගුවන් හමුදා කොමාන්ඩෝ භට පිරිස්, ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් සහ ගුවන් තොටුපළ - ආරක්ෂක නිලධාරීන් විශාල  පිරිසක් ගුවන් තොටුපළ පිටතට යෑමේ දොරටුව අසලදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 35 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකු බවත් ඔහු 2019 වසරේ දී ම මාතර, වැලිගම ප්‍රදේශයේ ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා මුදල් ලබාගැනීම පිළිබඳ චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු බවත් ඔහු පිළිබඳ සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.එමෙන්ම මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සඳහන් අංකයක් පච්ච කොටා ඇති අතර,

සැකකරු විදේශ බන්ධනාගාරයකින් පලා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යවශය පුද්ගලයෙකු (Wanted Person) 03 කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෙකුද ද යන්න සොයා ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකාර විදේශිකයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිමෙන් අනතුරුව එළඹෙන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිර්මටද නියෝග කෙරිණි. කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.

(කටුනායක - ටී.කේ.ජී. කපිල)