bakery-issue

දෛනිකව බේකරි හිමියන්ට අවශ්‍ය වන තිරිඟු පිටි තොග වෙළෙඳ පොළට නිකුත් නොවීම හේතුවෙන් බේකරි නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ලංකාව පුරා බේකරි 7,000ක් පමණ තිබෙන බවත්, වෙළෙඳ පොළේ පවතින උග්‍ර තිරිඟු පිටි හිඟය නිසා දිනකට බේකර්2,000කට අධික ප‍්‍රමාණයකට තම නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදුව තිබෙන බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.මේ අනුව සෑම බේකරියක්ම සතියකට නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබන්නේ දින හතරක් හෝ පහක කාලයක් බවත්,



මෙම තත්ත්වය දිගටම පැවතියහොත් බේකරිවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය. දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන තිරිඟු පීටී  ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම නිසා දෙනිකව ක්‍රියාත්මක වන බේකරිවලින් සැලකිය යුතු ප‍්‍රමාණයකට දෙහික නිෂ්පාදනය නිසි ලෙස සිදුකර ගැනීමට හෝ නොහැකි වී තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.එසේම පවතින ඩොලර් හිඟය නිසා තිරිඟු ඇට මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා තිරිඟු පිටි හිඟයක් ඇති වී තීබෙන බවට තිරිඟු පිටි සමාගම් සදහන් කරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)