පසුගිය සතියේ නුගේගොඩ ජුබිලිකණුව ප්‍රදේශයේ කිරිපිටි පෝලිමකදී ඇතිවූ බව කියන හූ කීමේ සිද්ධිය කඩාකප්පාල් කාරී වැඩක්දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වාර්තාවේ.
මේ ගැන සටහනක් තබමින් වීඩියෝවක් මුහුණු පොතේ හුවමාරු කළ බව කියන කාන්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූයේ
කුමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකොට ඇත්දැයි කියා සොයා බැලීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශ කර තිබුණි.
ඇය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිදු කරන ලද විමසීමේදී රටේ නායකයෙකු විවේචනයට ලක්කරන ආකාරයේ අදහස් හුවමාරු කිරීම වරදක් බව ඇයට පෙන්වාදී තිබූ අතර ඒ සම්බන්ධ තමාට ගැටලුවක් ඇතැයි කියමින් ඇය පසුව මාධ්‍ය හමුවක් පවත්වා ඒ ගැන කියා තිබුණි. ඇය විපක්ෂයට සම්බන්ධ ක්‍රියාකාරිනියකවූ බැවින් මේ ආකාර මාධ්‍ය හමුවක් කැඳවන්නට ඇයට හැකියාව ලැබිණි.
මේ අතර රටේ නායකයා විවේචනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය සතියේ කොන්දේසි තිහිපයක් ජනතාව හමුවේ අවධාරණය කළ නමුත් පසුව ඒවා ඇතැම් නීතීඥයින් විසින් විවේචනයට ලක්කරනු ලැබ තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval