Banks-ordered-to-surrender-25-of-foreign-currency-receipts

ගනුදෙනුකරුවන්ගේ ගිණුම්වල ඇති විදෙස් මුදල් වෙනත් මුදල් ඒකකවලට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් බැංකු වෙත නියෝග කර ඇතැයි පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නැතැයිද එවැනි පරිවර්තනයක් සිදු නොවන බවද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.





සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම මඟින්, බලපත්‍රලාභී බැංකුවලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලු ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම අරමුණු කරගෙන ඇති බවට පදනම් විරහිත අනුමානයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශ්ව විසින් පතුරුවා හරින බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මහ බැංකුව මේ ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නැති බව ද ප්‍රකාශ කරයි.


කෙසේ නමුත් ගනුදෙනු කරුවන් පෙන්වා දෙන්නේ පසුගිය නොවැම්බර් මාසයේ සිට අලුතින් කිසිදු ඩොලරයක් ඩොලර් ගිණුමකට යොමු කිරීම මහබැංකුව මගින් අවහිර කර ඇති බවයි.
ඩොලර් මුදල් ලංකාවට ලැබෙන අයට අනිවාර්ය ලෙස ඒවා පරිවර්තනය කිරීමට උපදෙස් ලබාදී ඇති අතර පුද්ගලික බැංකු මගින් එසේ පරිවර්තනය කරනතුරු ඩොලර් ගිණුම් ‘හෝල්ඩ්‘ තත්වයේ නවතා ගන්නා බව දැනුම් දී ඇත.
මහ බැංකු අධිපතිවරයා ඒ ගැන සිය නිවේදනයේ දන්වා නැත.