colombo-survay

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ තාවකාලිකව නවාතැන්ගෙන සිටින ෙ පුද්ගලයින්ගේ තොරතුරු එක්රැස් කිරීමේ වැඩසටහනක් පොලිසිය අරඹා ිතබේ. ඒ අනුව අද (14) හෙට (15) අනිද්දා (16) යන දිනයන් වලදී කොළඹ මහනගර සභා බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස,

ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන්, ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක් රැස්කිරීමටි නියමිතය.
 ඉහත සඳහන් ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටී නම් ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානය වෙතින් මේ සඳහා සකස් කර ඇති පෝරමය ලබාගෙන නිවැරදි තොරතුරු ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලයි.

ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් තුරන් කිරීමටත් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.