rangajeewa-free-court

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන්න
තීන්දුවේ පළමු විත්තිකරු වූ නියොමාල් රංගජීව නිදහස් කිරීම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා

බලාපොරොත්තුවන බව පවසා තිබේ.
 ඝාතනයට ලක්වූ සිරකරුවන්ගේ ඥාතීන්ගෙන් එම සංවිධානයට ඉල්ලීම් ලැබී ඇති අතර
නීතිපතිවරයා අභියාචනය සිදුනොකරන්නේ නම් ඒ සඳහා විශේෂ අධිකරණ අවසරයක් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා ඇත.


එම නඩුවේ දෙවන විත්තිකරු එමිල් රන්ජන්ට ලබාදුන් දඬුවම නීත්‍යනුකූල නොවන නියෝග ක්‍රියාත්මක කරන්න
යන බන්ධනාගාර නිලධාරීන් ආදර්ශයට ගත යුතු එකක් බවත් අවසානයේ දඬුවම් ලබන්නේ නියෝග දුන් අය නොවෙ ඒවා ක්‍රියාත්මක කළ අය වන බවත්ය. එසේම
තමන් භාරයේ සිටින සිරකරුවන් ආරක්ෂා කිරීම වගකීමද එම තීන්දුවෙන් අවධාරණයට ලක්කරන බවය.


2012 වර්ෂයේ සිදුවූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් සාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වූ මෙම
නඩුවේ තීන්දුව ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි, මංජුල තිලකරත්න යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය
විනිසුරු මඩුල්ල විසින් ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත්කළ අතර ඒ අනුව එම නඩුවේ දෙවන විත්තිකරු
එවකට වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා වශයෙත් කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මරණ දඬුවම ලැබුණ අතර
පළමු විත්තිකරු වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව චෝදනාවලින් නිදහස් කළේය.