මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ
කාන්තාවක එහි පස්වන මහලෙන් පැන සියදිවි හානිකරගෙන ඇතැයි අද වාර්තා විය.
46 හැවිරිදි, අප්සරා මැණිකේ නැමති පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙලෙස සියදිවි හානිකරගෙන ඇතිබව වාර්තා විය.
ඇය රාජගිරිය, අංගොඩ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් වංචා කර විවිධ සමිති සමාගම්වලට බැර කරන ලෙස දන්වා රුපියල් කෝටි 7 කට ආසන්න මුදලක් වංචා කළ බවට පැමිණිලි ලැබී තිබී ඇති අතර ඒ ගැන ප්‍රශ්න කිරීම සඳහා ඇයව එම ගොඩනැගිල්ලට ගෙන්වා තිබුණි.
පොලිසිය මග හරිමින් විවිධ නම් වලින් පෙනී සිටි ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම නිසා ඇයගේ වැරදි වලින් බේරුමක් නැතැයි ඒත්තු ගොස් බියවී සිටි බවද වාර්තාවූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පස්වන මහලෙන් පැන තිබේ.
ඇගේ සිරුර මේ වන විට පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) දින සිදුකිරීමට නියමිතයි.
Comments
Post a Comment
Your comment will be visible after approval