basil-india-visit-cancelled

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මාස දෙකක් තුළ දෙවනි වරටත් ඉන්දියාවේ සංචාරයක යෙදීමට කර තිබුණු සැලසුම අවලංගු කර ඇත.



ඊයේ (10) සහ අද දිනට එම සංචාරය යොදා ගෙන තිබූ අතර ඉන්දියාව පුරා යළි වේගයෙන් කොරෝනා ව්‍යාප්තිය සිදුවීම නිසා එය අවලංගු කිරිමට සිදුවී ඇත. ගුජරාට ප්‍රාන්ත්‍රයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ගෝලීය ආයෝජන සමුළුවේ දස වෙනි සැසිවාරයට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ සහභාගී වීමට නියමතිව තිබිණි. එම සංචාරයේ ප්‍රධානම අරමුණ ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීමට යොදාගෙන තිබිණි.

පසුගිය වසරේ දෙසැම්බර් 01 සහ 02 දෙදින නිල සංචාරයක් සඳහා බැසිල් රාජපක්ෂ එහි ගිය අතර එම සංචාරයේදී ආර්ථික සහ දේශපාලනික ඉන්දීය උපායමාර්ගික සැලසුම් 4කට ලංකාව වෙනුවෙන් එකඟවී තිබිණි. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය අවුරුදු 50ක් සඳහා ඉන්දියාවට පවරාදීමේ ගිවිසුම අත්සන් කළේ එම උපාය මාර්ගික සැලසුම්වල ප්‍රධානම අංගය හැටියටය.



ඉන්දියාවෙන් ලංකාවට විශාල වශයෙන් ඩොලර් ණය ගැනීම සඳහා ක්‍රියාකරමින් සිටී. එහෙත් එම අවශ්‍යතාවයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් ඉන්දියාව ලබා දෙන අතර මෙරට විදේශ විනිමය හිඟය අතිශය දරුණු මට්ටමකට වැටී තිබේ.