bhanuka-rajapaksa-returns

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් කලකට පසුව බිහිවූ සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විශේෂ ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීම දැනුම් දුන් අතර මෙම තීරණය පිළිගැනීමට අකමැති වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයන් #Dontretirebhanuka නමින් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් පවා අරඹා තිබුණි.


සමුගැනීමේ ප්‍රකාශය පිළිබඳව නැවත සලකා බලන ලෙස ප්‍රවිණ ක්‍රිඩක ලසිත් මාලිංගද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂද ඉල්ලා තිබුණි.
ඔහුගේ සමුගැනීමට හේතුව යෝග්‍යතා පරීක්ෂණයේදි සළකා බලන Skinfold පරීක්ෂාව බව පවසා තිබූ නමුත් ඇතැම් ආරංචි පළ කර තිබුනේ ඔහුටඇමරිකානු පදිංචියට ලද අවස්ථාවක් නිසා මෙය අතාරින බවකි. එසේම ‘බොර්න් අගේන්‘ නිකායේ අනාවැකියක් නිසා මේ තිරණය ගත් බවටද කටකතා පැතිරිණි.
අද (13) ක්‍රීඩා අමාත්‍යංශයට භානුක දැනුම් දී ඇත්තේ සිය තීරණය වෙනස් කළ බවත් පෙර පරිදි ක්‍රීඩා කරන බවත්ය.
ඒ අනුව එළැඹෙන සිම්බාබ්වේ තරග සඳහා මෙන්ම බීපීඑල් තරග සඳහා ඔහු එක්වනු ඇත.