Magawa-rat-dies-in-Kabbalah-mine-search

කාම්බෝජය තුළ වළදමා තිබූ බිම්බෝම්බ සෙවීමේ රාජකාරියේ නිරත වූ සුප්‍රසිද්ධ මීයෙකු වන 'මහාවා' ඊයේ මිය ගිය බව, එම සත්වයා භාරව සිටින APOPOනම් පුරාණ ආයතනය පවසයි. මෙම ආයතනයේ මූලිකත්වයෙන් කාබෝජය තුළ වළදමා තිබූ බිම්බෝම්බ ඉවත් කිරීම සිදුවූ අතර, මගාවා ඊට පුරුදු පුහුණු කර ඇත්තේද එම ආයතනයයි. මිය යනවීට මගෝවා අට හැවිරිදි වියේ පසුවී තිබේ. සිය ජීවිත කාලයේදී මගාමා කාම්බෝජය වෙත සිදුකළ මෙහෙය වෙනුවෙන් වීරත්වයට පිදෙන සම්මානයකින්ද ඌ පිදුම් ලබා තිබේ. වාර්තාවලට අනුව මේ දක්වා මගාවා විසින් සිය ඉව යොදා ගනිමින් බිම්බෝම්බ 100කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන,

පිවිත දස දහස් ගණනක් රැකගැනීමට සමත්ව තිබේ. පසුගිය වසරේ ජූනි මාසයේදී මහාවා එම කටයුතුවලින් විශ්‍රාම ගන්වා තිබුණි.මේ මරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන APOPOපුණ්‍යා ආයතනය, "පසුගිය සතිය දක්වාම මගාවා ද ඉතාමත් හොද සෞඛ්‍යයත් පසුවුණා. ඔහු සුපුරුදු ලෙස ක්‍රීඩාවේ නිරත වුණා. ඒත් පසුගිය සති අන්තයේ ඉදන් එයා යම් මන්දගාමී බවක් පෙන්නුවා. ඒවගේම අවසන් දිනවලදී ආහාරවලට එතරම් රුචියක් දැක්වුයේ නම.” යනුවෙන් පවසා තිබේ. කාම්බෝජය තුළ දශක ගණනක් පුරා පැවැති සිවිල් යුද ගැටුම් හේතුවෙන් මෙලස රට පුරා ස්ථාන රැසකදී බිම්බෝම්බ ඇටවීම සිදුව තිබේ.

අද වනවිට කාම්බෝජය ලොව වැඩිම බිම්බෝම්බ සංඛ්‍යාවක් වළදමා ඇති රටක් බවටද හදුනාගෙන ඇත. තවද කිලෝමීටර් 1,000ක පමණ ප්‍රමාණායක වළදමා ඇති බිම්බෝම්බ සොයා ගැනීමට ඇතැයිද වාර්තා පවසයි.