1989 -90 කාලයේදී නිරන්තරයෙන්ම  විකාශයවූ මේ රූපවාහිනී දැන්වීම ඒකාලයේ රූපවාහිනී නැරඹූවන්ට අමතක නොවන්නකි. පෝලියෝ එන්නත නොවරදවා දරුවන්ට ලබාදෙන ලෙස මෙම ආයාචනාත්මක ඉල්ලීම සිදු කළේ එම රෝගයෙන් වයස 6 සිට පීඩා විඳි  නැසීගිය නීලා වික්‍රමසිංහ ගායිකාවයි.


මෙම පණිවිඩය ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරට වේගයෙන් ගලායාමට ඇයගේ පසුබිමද උදව්වූ අතර ලංකාවේ අවසාන පෝලියෝ රෝගියා ඉන් වසර4 කට පසු 1993 වාර්තාවූ බවට සංඛ්‍යාලේඛන තහවුරු කරයි.
අදටත් සෙසු රටවලට හිසරදයක් වූ පොලියෝ රෝගය ලංකාවේ නැත. මෙම පණිවිඩය පොලියෝවටම පමණක් සීමාවුවද ඒ තුළින් මතුවූ එන්නත්කරණයේ වැදගත්කම ගැන කෙරුණ හැඟවුමද ලංකාවේ සෞඛ්‍ය සේවාවට ආලෝකයක් විය.
ඊයේ සමුගත් නීලා වික්‍රමසිංහ ගායිකාව පෝලියෝ රෝගයට ගොදුරු වූයේ වයස අවුරුදු හයේදීය. ඇයගේ ජීවිතයේ විවිධ අවස්ථා මේ නිසා ගැටලුකාරී වූ නමුත් ඇය ගායිකාවක හා ගුරුවරියක ලෙස ජීවිතය ජයගත්තාය.
නීලා වික්‍රමසිංහ 1989 දී පෝලියෝ රෝගය අප රටෙන් තුරන් කර දරුවන් බේරා ගැනීමේ යුනිසෙෆ් ව්‍යාපෘතියටද සහභාගී වූවාය.  මෙම ප්‍රචාරණ ව්‍යාපාර වෙනුවෙන් ඇය ගායනා කළ ගීතය පහතින්