The-van-overturned-on-the-Balangoda-precipice-and-10-members-of-the-reality-team-were-hospitalized

රූපවාහිනි නාලිකාවක රියැලටි වැඩසටහනකට සහභාගී වී ආපසු යමින් සිටි පිරිසක් ගමන් කළ වෑන් රථයක් බලන්ගොඩ සීලගම ප්‍රදේශයේදී ඊයේ 17  වැනිදා අලුයම ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ 10 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසයි. 

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් සීලගම ප්‍රදේශයේදී එම වෑන් රථය අඩි පනහකට ආසන්න ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය සඳහන් කළේය. තුවාල ලැබූ තරුණියක සහ තරුණයන්  නව දෙනෙකු මෙලෙස බලගොඩ මුලික රෝහලට ඇතුළත් කර සිටින අතර එක්  අයෙකුගේ තත්වය තරමක් බරපතළ බව බලන්ගොඩ රෝහල් පොලිසිය කීය.



බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස තුවාල ලබා සිටිති.  රියැලටි තරගාවලියට පෙරේදා (16) වැනිදා සහභාගී වී ඇති පිරිසක් එය  අවසන්වීමෙන් පසු වෑන් රථයකින් බණ්ඩවෙල ප්‍රදේශය බලා ගමන් කරමින්  සිටියදී ඊයේ 17 වැනිදා අලුයම 3.00 පමණ  මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය. තුවාලකරුවන් සම්බන්ධයෙන් බලගොඩ මූලික රෝහල් පොලිසියේ උපපොලිස් පරික්ෂක මහින්ද මහතා  පරීක්ෂණ සිදුකරයි.