New laws against male abuse

බොහෝ විට ලංකාවේ අසන්නට ලැබුනේ ගැහැණු දරුවන් අපයෝජනය කිරීම් හා දූෂණය කිරීම්ය. නමුත් මේ කාලයේ ඊට සමානවම පිරිමි ළමුන් අපයෝජන සිදුවීම්ද බහුලය.
පිරිමි ළමුන් දූෂණය කිරීම සාපරාධි ක්‍රියාවක් බවට පත් කිරීමට අවශ්‍ය බවට නිරන්තරයෙන් අධිකරණයේ විභාග වන නඩුවලදී කරුනු මතුවූ බවට නීතීඥයින් පෙන්වාදී ඇති මුත් ඒ සඳහා ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් නොවීම ගැටලු මතු කර තිබේ.


 අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සහ අධිකරණ සංවිධාන පනතට හේ වෙනුවෙන් සංශෝධන එක් කිරීමට අධිකරණ අමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ස්ත්‍රී දූෂණයකදී වින්දිතයාට සහ චූදිතයාට වෛද්‍ය පරීක්ෂණයක් නියම කරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 137 වැනි වගන්තිය. පරිච්ඡින්න කිරීමට සහ ඒ වෙනුවට ස්ත්‍රී පුරුෂභාවයේ මධ්‍යස්ථතාව පිළිබඳ වගතියක් ආදේශ කිර්මට යෝජනා කර ඇත.

වින්දිතයා වයස අවුරුදු 14ට වැඩි සහ අවුරුදු 16ට අඩු සහ වරදකරුවා අවුරුදු 22ට අඩු වන විටකදී සහ වින්දිතයාගේ කැමැත්ත ඇතිව වරද සිදු කර ඇති අවස්ථාවකදී 17වැනි පරිච්ඡේදයේ  විධිවිධාන සලසන ලඝු කාය පටිපාටිය අනුගමනය කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලය ලබාදීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 142වැනි වගන්තිය සංශෝධනය කිරීමටද යෝජනා කර තිබේ.

ස්ත්‍රීන් පමණක් දූෂණයට ලක්වීම නීතියෙන් හඳුනාගනු ලැබුවද, ඊට සමානවම කම්පනය දනවන ලෙස පිරිමි ළමයින් දූෂණයට ලක්වීමද ලිංගික ප්‍රචණ්ඩත්වයේ සාමාන්‍ය තත්වයක් වන බවට සාක්ෂි ලැබී ඇත.එබැවින් ලිංගික ප්‍රචණ්ඩත්වය හුදෙක් කාන්තාව කේන්ද්‍ර කරගත් ගැටලුවක් පමණක් නොව අඛණ්ඩවම පවතින සාමාජයීය ගැටලුවක් වන බවට හඳුනාගෙන ඇති අතර, වර්තමාන සන්දර්භය. තුළ ස්ත්‍රී පුරුෂභාව මධ්‍යස්ථ ලෙස සැලකීමේ අවශ්‍යතාව මතුව ඇති බැවින් මෙම යෝජනාව සකස් කර ඇති බව වාර්තා වේ.