The-17-year-old-girl-ran-to-the-police-in-the-morning-claiming-that-her-mother-and-father-had-beaten-her

බේරුවල, කාලවිල කන්ද ප්‍රදේශයේ දාහත් හැවිරිදි සිසුවියක ඊයේ (19) උදෑසන පාසල් නිල ඇඳුමින්ම පොලිසියට පැමිණි පුවතක් වාර්තාවෙයි. ඇය පවසා ඇත්තේ තම පියා හා මව තමන්ට දිගටම පහරදෙන බවත් එම ගැටපුව විසඳා දෙන ලෙසත්ය.

තමා පාසල් යෑමට සූදානම්ව සිටියදී මෙම ප්‍රශ්නය

ැනනැගුණ බවත් එය ඉතා කුඩා සිද්ධියක් වුවත් අනවශ්‍ය ලෙස ඔවුන් තමන්ට පීඩා කරන බවත් ඇය පවසා ඇත. බේරුවල පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙලෙස පහරකෑමට ලක් වී ඇති සිසුවිය බේරුවල පොලිස් වසමේ කනිටු විදුහලක සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන්නියක බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ෙපියා සිවිල් ආරක්ෂක උපනියාමකවරයකු බවත් මව රැකියාවක් නොකරන බවත් ඇය සඳමහන් කර ඇත.
පහර කෑමෙන් ඇයගේ ඇගිල්ලක් තුවාල වී ඇතැයි ද  පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි. එම සිසුවිය පොලිසියට පැමිණෙන විට උදේ ආහාරගෙන නො තිබූ බැවින් පොලිස් නිලධාරීන් ඇයට ආහාර පානවලින් ද  සංග්‍රහ කර තිබූ අතර දහවල් වනවිට දෙමාපියන් ගෙන්වා ඇගේ ගැටලුයව සමථ කරන ලද බව වාර්තා විය.