Man-arrested-for-selling-5,000-hand-grenades-in-Kesbewa

ආරක්ෂක අංශ විසින් පරිහරණය කරනු ලබන ජීව අත්බෝම්බයක් රුපියල් 5000ක මුදලකට විකිණීමට රැගෙන ආ  34 හැවිරිදි පුද්ගලයෙකු කැස්බෑව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.


මොරටුමුලේ ඔස්කා නමැත්තකු කැස්බෑව මාකන්දන සුදර්ශන මාවතේදී  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලයකු  බෝම්බයක් විකිණීම සඳහා ගැනුම්කරුවකු සොයමින් සිටින බවට පොලිසියට ආ තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.


බෝම්බය මිලදී ගන්නා පුද්ගලයකු ලෙස සැකකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත් පොලිස් උපාය දූතයකු සැකකරු මාකන්දන සුදර්ශන මාවතට ගෙන්වාගෙන බෝම්බය පෙන්වීමට බෑගය විවෘත කරද්දී අල්ලාගෙන ඇත.
ජීව අත්බෝම්බය හිස් බියර් ටින් දෙකක ආරක්ෂිතව තැත්පත් කර තිබී ඇත. සැකකරු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේදී මිතුරකු සමඟ මත්කුඩු පානය කරමින් සිටියදී මෙම බෝම්බය පෙන්වා තමාට හොරෙන් මිතුරා වත්තේ වළලන අවස්ථාවේදී එය දැක පසුව රහසේ එය රැගෙන ඇවිත් විකුණනන්නට උත්සාහ කළ බවයි.


සැකකරු කොල්ලකෑම්, සොරකම්, පහර දීම්,  මත්කුඩු ළඟ තබා ගැනීම් සම්බන්ධයෙන් නඩු ගණනාවක් සතු අයෙකි.කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.