COVID---19-Vaccination-Complications-Not-a-Vaccine-Induced-Study

COVID-19 මර්දනය සඳහා ක්‍රියාත්මක එන්නත්කරණයෙන් අනතුරුව ඇතැමුන් තුළ හටගත් බව පැවසෙන සංකූලතා ඇතුළු අතුරු ආබාධ රෝගී අවස්ථා සඳහා මූලිකම හේතුව මෙම COVID-19 මර්දන එන්නත් නොවන බව අධ්‍යයනයක් මගින් පෙන්වා දෙයි.



මෙම එක්සත් ජනපදයේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

මෙහිදී ඔවුන් එන්නත් ලබාගත් 45,000කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අධ්‍යයනය සිදුකර තිබේ. ඒ අනුව මෙලෙස සංකූලතා ඇතිවීම කෙරෙහි මූලික වන්නේ චිත්තතට වඩා එම ජනතාවගේ අපේක්ෂාවන් බව ඔවුන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම අද වනවිට මෙම එක්නත්කරණය හේතුවෙන් ඇති වන අතුරු ආබාධ පිළිබඳව අවධානය යොමු කරමින් ලොව බොහෝ දෙනෙකු එම COVID-19 එන්නත් ප්‍රතික්ෂේප කිරීම මූලික කරගනිමින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

මෙහිදී එන්නත්කරණයෙන් පසුව මූලිකවම ඇති වන සංකූලතා වන හිසෙහි රුදාව, මහන්සිය සහ හන්දි වේදනා යනාදිය මෙම කණ්ඩායමෙන් අඩකට වඩා වැඩි පිරිසක් තුළ දැකගත හැකි වූ බව පර්යේෂකයන් පවසයි.

එම කණ්ඩායමද එකිනෙකට වෙනස් එන්නත් මාත්‍රා කිහිපයක් ලබාගත් පිරිස වීමද මෙහි ඇති වි ත්වයයි. එසේම ඔවුන් පවා තමන් විදගත් එන්නත කුමක්ද යන්න නොදැන සිටි බවත් පැවසෙයි.ඒ අනුව මෙම රැස්කරගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පර්යේෂකයන් පැමිණ ඇති නිගමනය වන්නේ, එන්නත්වලින් එල්ල වන බලපෑමට වඩා මෙම එන්නත විදගැනීම  සම්බන්ධය පවතින වික්ෂිප්තභාවය සහ ඒ සම්බන්ධයෙන් පවතින අයහපත් බලාපොරොත්තු මූලිකවම එවැනි සංකුලතා තත්වයන් ඇති කරවීමට හේතුවන බවයි.