Sri-Lanka-ranks-12th-in-the-world-in-food-inflation

ලොව ආහාර උද්ධමනය ඉහළම රටවල් අතර 12 වැනි තැනට ශ්‍රී  ලංකාව පත්ව ඇතැයි “ට්‍රෙඩින් ඉකොනොමික්ස්” වෙබ් අඩවිය සඳහන් කරයි.





එම වෙබ් අඩවියට අනුව ආහාර උද්ධමනය වැඩිම රටවල් තුන වන්නේ වෙනිසියුලාව, ලෙබනනය හා සුරිනාම්ය.
මේ අතර ඉහළම උද්ධමනයක් සහිත දකුණු ආසියාතික රටවලින් දෙවැනි ස්ථානය ශ්‍රී  ලංකාවට ලැබී ඇත.
අදාළ දත්ත හා සංඛ්‍යාලේඛනවලට අනුව දකුණු ආසියාතික රටවල් අතරින් පාකිස්තානය පමණක් ශ්‍රී
 ලංකාවට වඩා ඉහළ උද්ධමනයක් ඇති රටක් වන අතර ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, මාලදිවයින
යන දකුණු ආසියාතික සෑම රටකම පවතින්නේ අඩු උද්ධමනයකි.


ශ්‍රී  ලංකා මහ බැංකුව සඳහන් කර සිටින්නේ මෙරට ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය  උද්ධමනය 2021
වසරේ නොවැම්බර් මාසයේදී පැවැති සියයට 16.9 උද්ධමනය එම වසරේ (2021) දෙසැම්බර් මාසයේදී
සියයට 21.5ක් දක්වා  ඉහළ ගොස් ඇති බවය.
කෙසේ වෙතත් මේ වනවිට රටේ ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි කරගත නොහැකිව දිනපතා එළවළු
කිලෝ දස දහස් ගණනින් ඉතිරිවන බව ඒවායේ කළමනාකාරවරු පවසති.

අමිල අබේරත්න