නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සංචිත ප‍්‍රමාණය මාස තුනකට පමණක් සීමාවී ඇතැයි නොරොච්චෝල බලාගාර ආරංචි සඳහන් කරයි.මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව ඇත්තේ ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයක් පමණක් බවද වාර්තාවේ.
ඉකුත් දෙසැම්බර් 03 වැනිදා සිට එම ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් දින 47 ක් තිස්සේ යළි පද්ධතියට එක් නොකර සිටින්නේ ගල්අඟුරු සංචිත ආරක්‍ෂා කර ගැනීමට නොව එම විදුලි උත්පාදන යන්ත‍්‍රයේ දෝෂයක් තිබෙන නිසා බවද පැවසේ.
මෙගාවොට් 300 ක එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් 2736 ක් අවශ්‍යයි. ඒ අනුව මෙගාවොට් 300 බැගින් වූ විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනම කි‍්‍රයාත්මක කිරීමට දිනකට අවශ්‍ය ගල්අඟුරු ප‍්‍රමාණය ටොන් 8208 කි. ඒ අනුව මාසයක කාලයකට විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මුළු ගල්අඟුරු ප‍්‍රමාණය ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් 246,240 කි.
නමුත් මේ වනවිට නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ඇත්තේ මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයකි. එම ප‍්‍රමාණය මාස තුනකටවත් සෑහෙන්නේ නැති අතර ඉකුත් මාසයේ කි‍්‍රයාත්මක කළේ නම් සංචිත තවත් අඩුවන බවද කියැවිණි.
ඉකුත් වසරේ අගභාගයේදී හදිසි මිලදී ගැනීම් යටතේ ගල්අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවුවත් ක්‍රියාත්මක නොවීම නිසා සැලසුම් කළ ගල්අඟුරු මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ හයක් අහිමිව ගොස් ඇත.ලබන අපේ‍්‍රල් මාසයට පර ගල්අඟුරු මිලදී ගැනීමට නොහැකිවා සේම අපේ‍්‍රල් සිට ඔක්තෝම්බර් දක්වා වාරකන් කාලය බැවින් ගල්අඟුරු ගෙනාවත් ඒවා ගොඩබෑමට නොහැකි වී තිබීම ගැටලුකාරී බවද වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval