රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට සහ පොදුජන පෙරමුණු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙයි. ඔවුන් නිරෝධායනය සඳහා යොමුව ඇත.
ආසන්න කාලයේ කොරෝනා වැළඳුණ 5 හා 6 වැනියන් ඔවුන්ය.
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්නත්, පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෝකිලා හර්ෂණී ගුණවර්ධනත් (සැමියා හා දුවද ඇතුළුව),
පොදු ජන පෙරමුණේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී සාරතී දුෂ්මන්තත් (බිරියද ඇතුළුව), පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක කෝට්ටේගොඩත් කොරෝනා නිසා නිරෝධායනයට යොමුව ඇතැයි මින් පෙර වාර්තාවිය.
මේ දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන 56 කට කොරෝනා වැළඳී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval