It-is-suspected-that-the-woman-who-jumped-from-the-fourth-floor-of-the-CID-raped-and-pushed-the-woman-the-husband

රුපියල් කෝටි 7කට ආසන්න මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවනු ලැබ සිටි කාන්තාවක එම ගොඩනැගිල්ලේ 4 වැනි මහලින් පැන සිය දිවි නසාගත් සිද්ධියක් මීට සති දෙකකට පෙර පසුගිය 11 වනදා වාර්තාවිය.


මෙම කාන්තාව එසේ පැන්නා නොව ඇයව දූෂණය කර ඉහළින් පහළට තල්ලු කර ඇතැයි සැකකරන බව ඇගේ සැමියා නීතීඥවරියක මාර්ගයෙන් කොළඹ අධිකරණයට කරුණු දක්වමින් සදහන් කර ඇති අතර ඒ අනුව මෙම සංසිද්ධිය අලුත් මානයකට රැගෙන ගොස් තිබේ.



පන්නිපිටිය, අරලිය මාවතේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ අප්සරා මැණිකේ රාජපක්ෂ නමැති 46 හැවිරිදි වියේ පසුවූ මෙම කාන්තාව මුදල්වංචාවට කට්ටි පනමින් සිට හසුවූ පසු අපරාධ පරීක්ෂණ නිලධාරීන් ප්‍රශ්න කිරීමට එම ගොඩනැගිල්ලට ගෙනයාමෙන් පසු මෙලෙස ජීවිතක්ෂයට පත්විය.සිද්ධිය වූ දින අලුයම එහි වැසිකිළියට  ගොස් සිටියදී වැසිකිළියේ ජනේලයෙන් බිමට පැන ඇති බවත්, සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසා තිබුණි.
රැඳවුම් භාරයේ සිටි කෙනෙකු මෙලෙස ජනේලයකින් පැනීම 1966 න් පසු සිදුවූ විරල සිද්ධියක් බවට පොලිස් මාධ්‍ය ඒකකය කරුණු දැක්වූ අතර
මෙදින මෙම කාන්තාවන්  බාරව සිටි පොලිස් නිලධාරිනියන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අවස්ථාවේදී කීය.

 සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලෙන් බිමට වැටී මිය යන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ වැසිකිලියේ කවුළුවකින් වන අතර ඇත්ත වශයෙන්ම ඇයට වැසිකිලි යාමට අවශ්‍ය නම් යොමු කළ යුත්තේ සිරකරුවන් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති වැසිකිලි වෙතය.

එසේ පහසුකම් තිබියදී ඇය පොලිස් අධිකාරීවරුන්ගේ වැසිකිලියකට ගියා යයි පැවසීම තුළ සැකයක් නිර්මාණය වී ඇති බව ඇගේ සැමියා තර්ක කරයි. කොටුව පොලීසියට පැමිණිල්ලක් යොමු කරමින් ඔහු දන්වා ඇත්තේ බිරිය දූෂණයට ලක්ව ඇතැයිද සැක බවයි.

උසාවියට යොමු කළ පැමිණිල්ලේ සැමියාගේ කරුණු දැක්වීම අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මරණය සම්බන්ධයෙන් කරුණු සොයා බලා මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත සිතාසි නිකුත් කර ඇත.
කාන්තාවට මූල්‍ය වංචා චෝදනා ඇති බව සත්‍ය නමුත් ඇය මෙලෙස දිවිනසාගන්නට උවමනාවක් නොතිබූ බව සැමියා කරුණු දක්වා ඇත.
මේ අතර පොලිසිය පවසන්නේ කාන්තාව වෙනුවෙන් පෙනී සිටියත් සැමියා ඇයව අතැර ගොස් වසර 5 ක් වන බවකි.



අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගහරිමින් 2016 වසරේ සිට තැන තැන සැඟව සිට ඇති මියගිය සැකකාරිය කළුබෝවිල ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරට අනුව පසුගියදා (10) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ  අතර ඇය කාන්තා ණය දෙන සමිතියක් පවත්වාගෙන යමින්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ බව කියමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවස්ථා කිහිපයකදීම රුපියල් හයකෝටි අසූපන් ලක්ෂ හතළිස් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබුණි.