The-cabinet-meeting-was-also-zoomed-in-because-the-corona-was-broken

කොරෝනා ඔමික්‍රොන් රට තුළ දැඩි ලෙස පැතිරයාමේ ප්‍රවණතාවයක් නිසා මේ වනවිට කාර්යාල වල පාසල්වල පැමිණීමේ පැහැදිලි වෙනසක් හඳුනාගන්නට ලැබේ. පාරවල් වෙනදාට වඩා පාළුවී ඇති අතර ජනතාව ගමන් කරන්නේ අත්‍යවශය කටයුතු සඳහා පමණි.


දේශපාලකයින්ද නිතර මහජන මුණගැසීම් සිදුකරන නිසා කොරෝනා සම්බන්දයෙන් තැතිගෙන ඇත.
සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩලය රැස්වී ඇත්තේ ඒ නිසාය. ඉන්ධන සහ විදුලි අර්බුදය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයිද දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුට මේ වනවිට කොරෝනා සක්‍රීය මට්ටමේ පවතින අතර මේ දක්වා 56 කට වැළඳී තිබුනි.
මේ හේතුවෙන් මැතිසභයේ කටයුතුද ඉදිරියේ අඩාල වනු ඇතැයි ආරංචි පවතී.