මෙරට නිෂ්පාදිත බවට සැක කෙරෙන රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ගිනි අවිය කඹුරුගමුව තලරඹ ප්‍රදේශයේ නිවසක් පිටුපස ගස් කිහිපයක් අසල වළ දමා තිබියදී සොයා ගෙන ඇත.
එම ගිනි අවිය එකවර මිලිමීටර් 9 උණ්ඩ 5ක් ඇතුළු කළ හැකි ආකාරයට නිෂ්පාදනය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු ඉදිරි විමර්ශන සඳහා කොටවිල පොලිසිය වෙත භාරදී ඇත.
සැකකරු කුමන අරමුණකින් මෙම ගිනි අවිය සන්තකයේ තබා ගත්තේද යන්න සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Comments
Post a Comment
Your comment will be visible after approval