මුහුද යට දැවැන්ත ගිනි කන්දක් පුපුරා යාමෙන් පසු පැසිපික් සාගරයේ ටොංගා දූපත අළුවලින් වැසී ඇති අයුරු දැක්වෙන අපූරු චන්ද්‍රිකා ඡායාරූප නිකුත් වී තිබේ.
හුංගා-ටොංගා-හුංගා-හපායි ගිනිකන්දෙන් දුමාරයක් නැඟී එන අවස්ථාවේ පූර්වයෙන් ගන්නා ලද ඡායාරූපවල හා ගිනිකඳු පිපිරුමෙන් පසු සියල්ල වෙනස්ව ඇති අයුරු ඒවායේ දිස්වේ.
සෙනසුරාදා පුපුරා යාමෙන් පසු ඉහළ අළු වලාකුළක් හේතුවෙන් ගුවන් ගමන් වලක්වා තිබු නමුත් පසුව සිදු වූ හානිය තක්සේරු කිරීමට ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හමුදා නිරීක්ෂණ ගුවන් යානා එහි යවා ඇත.
එක්සත් ජාතීන්ගේ මානුෂීය නිලධාරීන් සහ ටොංගා රජය "Tongatapu අවට සැලකිය යුතු යටිතල පහසුකම් හානියක්" වාර්තා කර ඇත.
ටොංගා රජයට අනුව, මැන්ග නමැති මෙම ප්‍රදේශයේ මිනිසුන් 36 ක් හා ආසන්න ෆොනෝයිහි 69 ක් ජීවත්වෙමින් සිටි බව කියැවිණි.
පෙර හා පසු දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval