පාකිස්තානයේදී කුරිරු අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව අකාලයේ මියගිය ප්‍රියන්ත කුමාර හා සම්බන්ධ සංසිද්ධිය පාකිස්තානු අගමැති මෙන්ම එරට ආගමික නායකයින්ද හෙළා දුටු අතර ඔවුන් අතින් සිදුවූ බරපතල වරදක් ලෙස හඟවා ප්‍රකාශ නිකුත් කර තිබුණි. ප්‍රියන්ත වෙනුවෙන් විශාල වන්දියක් මෙන්ම ඔහු එහි සේවය කරමින් සිටින බව සලකමින් අඛණ්ඩ වැටුප පිරිනැමීමටද ඒ නිසා එකඟ විය.
ඒ අනුව එම පොරොන්දු ක්‍රියාවට නගමින් ඔහුගේ බිරියට පාකිස්තානුවන් පොරොන්දු ඉටු කර තිබේ.
රාජ්‍කෝ ඉන්ඩස්ට්‍රීස් හා පකිස්තානු ව්‍යාපාරික ප්‍රජාව සඳුදා (17) ශ්‍රී ලාංකික පුරවැසි වන ප්‍රියන්ත කුමාරගේ වැන්දඹුවට අරමුදල් සහ පළමු වැටුප මාරු කර ඇති බව Geo News පඩිපතද සාක්ෂි ලෙස දක්වා වාර්තා කර තිබේ.
ඔහු සේවය කළ ආයතනයේ ඩොලර් 1,667 ක් (රුපියල් තුන් ලක්ෂ තිස්දාහක් පමණ) වටිනා පළමු වැටුප සමඟ ව්‍යාපාරික ප්‍රජාව එක්වරක් පිරිනමන ඩොලර් 100,000 ක් (රුපියල් මිලියන 20 ක්) වටිනා පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාරගේ වැන්දඹු බිරිඳගේ බැංකු ගිණුමට මාරු කර ඇත.
රාජ්‍කෝ ඉන්ඩස්ට්‍රීස් ඉදිරියේදී ඇයගේ ගිණුමට වසර 10ක් තිස්සේ මෙම වැටුප් ගිණුම් ගත කරනු ඇත.
අදාළ ලියකියවිලි පහත සඳහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval